1942

1942 මාර්තු මස දෙවන ලෝක යුධ සමයේ නාසි අණ දෙන නිලධාරී HYDRA හි Johann Schmidt , Norway හි Tonsberg නම් ගමක දේවස්ථානයකින් Tesseract හෙවත් Space Stone එක හොයාගන්නවා. [Captain America:The First Avenger]

1943

New York City හි Steve Rogers නම් හමුදා පරීක්ෂණ වලින් කිපසරයක්ම ප්‍රතිෂේප වූ තරුණයෙකු නැවත නැවතත් හබුදවට බැදීමට ඇති උනන්දුව නිසා පරීක්ෂණ වලට ඉදිරිපත් වෙනවා. මොහුගේ මේ උනන්දුව ගැන සැලකිල්ලක් දැක වූ Dr. Abraham Erskine , Steveට යෝජනා කරනවා ඔහුගේ super-soldier පරීක්ෂණයට ඉදිරිපත්වන ලෙස. [Captain America:The First Avenger]

Strategic Scientific Reserve Brooklyn Facility වලදී super-soldier පරීක්ෂණයන් Steve සාර්ථක වනනේ සුපිරි බලයක් සහිත පුද්ගලයෙක් ලෙස. නමුත් එතැනදී HYDRA සාමාජිකයෙකු විසින් එල්ල කරන පහර දීමක් නිසා Erskine මිය ගොස් super-soldier සුත්‍රය විනාශ වෙනවා. [Captain America:The First Avenger]

මේ නිසා U.S. Senator තීරණය කරනවා Steve ව ඔවුන්ගේ යුධ ආධාර ප්‍රවර්ධන වැඩසටහන් සදහා යොදා ගැනීමට. අකමැත්තෙන් වුවත් Steve එයට කැමති වෙනවා. ඔහු Captain America නමින් එහි ප්‍රසිද්ධ වෙනවා. මේ ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුරේ දිනක් ඔහු රහසේම නාසි කදවුරකට තනියම කඩ පැන සටන් කර ඔහුගේ හොදම මිතුරා Bucky Barnes සහ ඇමෙරිකානු හමුදා පිරිසක් බේරාගෙන පැමිණෙනවා. [Captain America:The First Avenger]

මේ හේතුවෙන් ඔහු උසස්වීමක්ද සමග Steve හමුදාවට බදවා ගන්න අතර ඔහුට vibranium shield එකක් Howard Stark විසින් පිරිනමන අතර Steve දෙවන ලෝක යුද්දේදී නාසි හමුදාවට එරෙහි සටන් කරනවා. Zola අල්ලා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වුන Captain America සහ Bucky, සටන අතරතුරේදී Bucky ප්‍රපාතයකට ඇද වැටෙනවා. [Captain America:The First Avenger]

1944

Schmidt, Tesseract බලය උපයෝගී කරගෙන අධිබලැති ආයුදයක් නිර්මාණය කර ඇමෙරිකාවේ නගර වලට පහර දීමට සැරසෙනවා. නමුත් Captain America ඔහුගේ HYDRA මූලස්ථානයට පහර දෙන්න පටන් ගන්නවා. Schmidt සමග සටන් කර ජය ගන්නා Captain America, Schmidt ගුවන් යානයකින් නගර වලට පහර දීම සදහා යොදා ගත් බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට නොහැකි වෙනවා. මේ හේතුවෙන් Captain America තීරණය කරනවා ගුවන් යානය තමන් සමගම කඩා වැදීමට. ඔහු කඩ වදිනවා අයිස් සහිත ප්‍රදෙශයකයට. [Captain America:The First Avenger]