2010
2010 මැයි 23 වන දින Monaco වල පැවැත්වුණු Formula One තරගයකදී Vanko (Whiplash) Tony සමග ගැටුමක් ඇති කරගන්නවා. එහිදී Whiplash පරාජය වී අත්අඩංගුවට පත් වෙනවා. [Iron Man 2]
Thor ගේ කිරුල පැළදවීමේ උත්සවයක් Asgard වල පැවැත්වෙනවා. මේ උත්සවය දවසේ Frost Giants ල විසින් Casket of Ancient Winters පැහැර ගැනීමට උත්සහ කලත් එය අසාර්ථක වෙනවා. මීට කෝප වුන Thor, Odin ගේ අනුමැතියෙන් තොරව Frost Giants ට පහර දෙනවා. [Thor]
2010 මැයි 31 දින Ross, Emil Blonsky ඇතුළු විශේෂ හමුදා කණ්ඩායමක් යවනවා Banner ව අල්ලාගැනීම සදහා. එහිදී Banner හල්ක් ලෙස පරිණාමය වෙමින් ඔවුනට පහර දී එතනින් පලා යනවා. මෙහිදී Banner ට ඔහුගේ පරණ පෙම්වතිය වන Betty Ross හමුවෙනවා.ඇය සමග සිටින අවස්ථාවකදී Blonsky ඇතුළු පිරිස නැවත පැමිණෙනවා Banner ව අල්ලාගැනීමට. එතනදිත් හල්ක් Ross සමග එතනින් පැන යනවා. [The Incredible Hulk]
Hammer ගේ උදව්වෙන් Whiplash සිරභාරයෙන් පැන ගැනීමට සමත් වන අතර Hammer සහ Whiplash එක්ව හමුදා රොබෝවරුන් කණ්ඩායම නිර්මාණය කරනවා. Whiplash හමුදා රොබෝ කණ්ඩායම පාලනය තම අතට ගෙන Tony ගෙන් පලි ගැනීම නැවත පටන් ගන්නවා. Whiplash සමග සටනේදී Iron Man ට James Rhodes නොහොත් War Machine සහ Black Widow ගේ සහයද ලැබෙනවා. Whiplash පරාජය කිරීමෙන් පසු හමුදා රොබෝවරුන් කණ්ඩායම විනාශ කර දමනවා. [Iron Man 2]
Frost Giants සහ Asgardians අතර නැවතත් යුද්ධයකට අද දැමීම නිසා Odin විසින් Thor ව ඔහුගේ බලය ඉවත් කල මිටියත් සමග පෘථිවියට පිටමන් කරන අතර පෘතුවියේදී මෙක්සිකෝ හි කාන්තාරයක ගවේෂණයක් කරන අතරතුරදී Jane Foster ට Thor හමුවෙනවා. [Thor]
Asgard වල රජකම ලබා ගැනීම අරමුණින් Loki උත්සහ කරනවා Thor මරා දැමීමට. එහිදී Thor ගේ පරාර්ථකාමී බව වැටහුණු Odin මිටියෙහි බලය නැවත ඇතිකරනවා. Destroyer පරාජය කරන Thor Asgard වලට පැමිණෙනවා. [Thor]
Loki හා Frost Giants සමග සටන් කරන Thor ඉන් ජය ගන්න අතර Loki, space එකේ අතුරුදන් වී යනවා. [Thor]
2010 ජුනි 4 වන දින කලින් Blonsky සුපිරි සොල්දාදු පරික්ෂණයට මුහුණු දුන් නිසා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ මිශ්‍ර වීම නිසා Blonsky, Abomination බවට පත් වෙන අතර තමාට ලැබුණු බලය පාවිච්චි කරමින් Abomination නගරය පුරවට කෝලාහල ඇති කරනවා. එය මැඩ පැවැත්වීමට හල්ක් ඉදිරිපත් වී Abomination සමග සටනක් ඇති වන අතර ඉන් හලක් ජය ගන්නවා. [The Incredible Hulk]
2011
2011 ඔක්තෝම්බර් 8 වන දින වසර 70 කට පමණ පසු Steve අවදීවනවා S.H.I.E.L.D. හි Nick Fury රැකවරණය යටතේ. [Captain America: The First Avenger]
2012
2012 මැයි පළමු වන දින S.H.I.E.L.D. යටතේ පවතින Tesseract (Space Stone) එක ආපසු ලබා ගැනීමට Thanos විසින් Loki ව පෘථිවියට එවනවා. Selvig, Clint Barton සහ තවත් S.H.I.E.L.D. කිපදෙනේක්ව Scepter එක මගින් මෝහනය කර Loki, S.H.I.E.L.D. හි පරේෂණ ස්ථානයකට පහර දී Tesseract එක රැගෙන පල යනවා. [The Avengers]
S.H.I.E.L.D. සොයා ගන්නවා Loki සිටින ස්ථානය. පසුව Rogers (Captain America) සහ Tony (Iron Man) එකතු වී Loki ව අත්අඩංගුවට ගන්න අතර Loki ව අත්අඩංගුවේ රැගෙන යද්දී Thor පැමිණ Loki ව නැවත Asgard වලට රැගෙන යාමට උත්සහ කරනවා. Rogers ගේ ඉල්ලීම මත Thor කැමති වෙනවා Loki ව ඔවුන්ට භාර දීමටත් ඔවුන් සමග එකට වැඩ කිරීමටත්, Loki ව S.H.I.E.L.D. ට අයත් Helicarrier යානයෙන් රැගෙන යද්දී Loki ගේ පිරිස විසින් යානයට ප්‍රහාරයක් එල්ල කරනව. එතනදී Loki පලා යනවා. [The Avengers]
2012 මැයි 4 දින Tesseract එකේ බලය යොදා ගනිමින් Selvig, New York City හි පිහිටි Stark Tower එක උඩ සිට ලෝකය හරහා විවරක් විවෘත කරනවා. ඒ සමගම Thanos ගේ Chitauri හමුදාව පෘථිවියට පැමිණ New York නගරයට පහර දෙන්න පටන් ගන්න අතර Avengers විසින් Chitauri හමුදාව සහ Loki ව පරාජය කරනවා. [The Avengers]
අවරුදු 12 වයසැති Kate Bishop ජිවත් වන New York හි නිවසට Chitauri ප්‍රහාරයක් එල්ල කරනවා. එහිදී Hawkeye විසන් Kate Bishop ඉල්ලක කර සිටි Chitauri ගෙන් Kate Bishop ව බේරා ගන්නවා. මේ ප්‍රහාරයේදී Kate Bishop ගේ පියා මිය යනවා. [Hawkeye]
Thor, Loki ව අත්අඩංගුවට ගෙන Tesseract එකත් සමග Asgard වලට පිටත්ව යන අතර Avengers ලා විසිර යනවා.මේ අතර The Other විසින් Thanos හට පවසනවා Loki ගේ සැලැස්ම අසාර්ථක වුන බව. [The Avengers]
නිව් යෝක් සටනින් පස්සේ විනාශ වුන ගොඩනැගිලි පිර්සිදු කිරීමේ Toomes Salvage Company නම් වූ කණඩායමක් එහි සුන් බුන් ඉවත් කරමින් සිටිනවා. මෙතනට එන කණඩායමක් පවසන්නේ පිරිසිදු කිරීම් නතරකරන ලෙසත් දැන් එහි බලතල තමන් සතුව ඇති බවත්. එම නිසා සියලුම දෑ මෙතැන් සිට ඔවුන්ට වැඩකටයුත් සහ එකතු කරගත්ත දේවල් භාරදෙන ලෙස ඉල්ලනවා. මෙතැනදී ඇති වෙන මතවාදයක් නිසා Adrian කණ්ඩායමේ අයෙකුට පහර දෙනවා. එවිට එහි ප්‍රධානියා කියන්නේ කතාකරන්න දෙයක් ඇත්නම් ඉහලට කතා කරන්න කියලා. Toomes Salvage Company එකේ අය නම් මේ සම්බන්ධයෙන් තරහකිනුයි ඉන්නේ..මොකද මේ නිසා ඔවුන්ගේ රැකියාව අහිමි වීම ගැන. ඒ වගේම ඔවුන් පිරිසිදු කිරීම් වලදී පිටසක්වල ද්‍රව්‍ය (Chitauri ගේ තාක්ෂනය සහිත) ගොඩක් දැනටමත් හොරකම් කරගෙන ඉවරයි. Adrian තීරණය කරනවා මේ නිසා ඔවුන්ගේ රැකියාවද වෙනස් කිරීමට. [Spider Man: Homecoming]
2013
2013 නොවැම්බර් මස London දී Jane Foster හා Darcy Lewis හට මිට වසර දෙකකට පෙර New Mexico හිදී ඇති වූ හා සමාන සංඥාවක් අයගේ විද්‍යාත්මක උපකරනක් හරහා සොයා ගන්නවා. එම සංඥාව සොයාගෙන යන ඔවුන් පෘථිවිය හා වෙනත් ග්‍රහලෝක සමබන්ද වෙන ගුරුත්වාකර්ෂණ සහිත ද්වාරයකක් සොයා ගන්නවා.Jane මේ ද්වාරය හරහා ගොස් වෙනත් ග්‍රහ ලෝකයකට පිවිසෙනවා. එහිදී අයගේ ශරීරය තුලට මේ Aether එක ඇතුළු වෙනවා. [Thor: The Dark World]
Greenwich වලදී Convergence එක සිදු වෙන අවස්ථාවේදී Malekith විසින් මේ Reality Stone එක තම ඇගට ඇතුළු කර ගත් නමුත් Thor සමග සටනින් පසු මෙය නැවත Asgard සතු කර ගන්නවා. [Thor: The Dark World]
Thor තීරණය කරනවා Asgard හි සිංහාසනය භාර නොගෙන පෘතුවියේ Jane සමග ජිවත් වීමට. Malekith ගෙන් මුදවාගත් Aether එක Asgardians විසින් Taneleer Tivan නොහොත් the Collector හට භාර දෙනවා ආරක්ෂා කිරීමට. [Thor: The Dark World]
2013 දෙසැම්බර් මස Mandarin ගේ කණ්ඩායමක් විසින් Tony ගේ mansion එකට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමනවා. මේ ප්‍රහාරයෙන් දිවි ගලවගන්න Iron Man එතනින් California වලට පල යනවා. [Iron Man 3]
Pepper Potts සහ War Machine අල්ලා ගැනීමට සමත් වෙන Aldrich, James Rhodes ගෙන් War Machine suit එක පැහැර ගන්නවා. Rhodes තේරුම් ගන්නවා Killian ඇමෙරිකානු ජනාධිපති Matthew Ellis පහර ගැනීමකට සැලසුම් කරන බව. Air Force One එකට පහර දී Killian ජනාධිපතිව පැහැර ගන්න අතර එහෙඉ ඇතිවන සටන නිසා Air Force One කාර්යමණ්ඩලය යානාවෙන් බේරාගැනීමට Iron Man හට හැකි වෙනවා. [Iron Man 3]
ජනාධිපතිව නැවත බේරා ගැනීමට Rhodes සහ Tony, Killian සොයා යන අතර පසුව සටනේදී Tony නිර්මාණය කල Iron Legion ද ප්‍රයෝජනයට ගනිමින් Killian ව පරාජය කර Potts සහ ජනාධිපතිව බේරා ගන්නවා. [Iron Man 3]
2014
2014 මාර්තු මස දිනක Triskelion එකට පැමිණෙන Steve හට Hydra සාමාජිකයින් විසින් එහිදී පහරදීමකට උත්සහ කලත් Steve ඉන් ගැලවී යනවා. පසුව ඔහු දැනගන්නවා HYDRA නායක Arnim Zola ගේ හඩපටයකින් දෙවන ලෝක යුද්දෙන් පසුව Zola නැවත S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි කර ගොඩ නැගුව බව. [Captain Aamerica: The Winter Soldier]
Hydra පාලනයට ගෙන තිබෙන Triskelion එකට පැමිණෙන ඔවුන් Hydra හි මෙහයුම අසාර්ථක කිරීමට හැකි වෙනවා. [Captain Aamerica: The Winter Soldier]
Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර Ravagers ලා සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක නොහොත් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter ඔවුන්ට හොර රහසේම ගොස් Orb එක ලබා ගන්නවා. Thanos සමග එකගතාවයකට පැමිණෙන්න Ronan, Orb එක රැගෙන ඒම සදහා Gamora ව යොදවනවා. [Guardians of the Galaxy]
Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. Peter ඇතුළු පිරිස Knowhere වල Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Collector ගේ සේවිකාවක්, Orb එක ස්පර්ශ කිරීම නිසා Collector Museum එක විනාශ වෙනවා. Drax ගේ පණිවිඩයක් නිසා මෙතනට Ronan සහ ඔහුගේ හමුදාවක් පැමිණෙනවා. Peter සහ පිරිසට පහර දෙන දෙන Nebula සහ Ronan ගේ හමුදාව Orb එක ලබා ගන්න අතර Peter සහ Gamora, Yondu Udonta හට කොටුවෙනවා. [Guardians of the Galaxy]
Rocket, Groot සහ Drax ද ඔවුන්ට එකතුවෙන අතර ඔවුන් තීරණය කරනවා Ronan එරෙහිව සටන කර Orb එක ලබාගෙන ආරක්ෂා කිරීමට. Xandar හි Nova Corps සමග එකතු වී Rocket, Groot, Drax, Peter සහ Gamora, Ronan හමුදාව සමග සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොට Peter ඇතුළු Guardians of the Galaxy ජයගන්නවා. [Guardians of the Galaxy]
Egoගේ සැලසුමට එරෙහිව Ego සමග සටන කරන Peter සහ Guardians ලා Ego පරාජය කිරීමට හැකි වෙනවා. පුපර යන detonater නිසා Egoගේ මෙහෙයුම් මොළය විනාශ වී Ego ද විනාශ වී යනවා. [Guardians of the Galaxy Vol.2]
සටනින් පසු පීටර් බේරාගැනීමට අභ්‍යවකාශයට රැගෙන යන Yondu අභ්‍යවකාශය ඔක්සිජන් නොමැති වීමෙන් මිය යනවා. Sovereign සාමාජිකයෙක් ඇවිත් Ayesha ට කියනවා council එක සුදානම් වී ඇති බව. Ayesha කියනවා ඇය Anulax Batteries නැති කරගැනීම සම්බන්ධයෙන් ඔවුන් shock වෙයි නමුත් ඇය නිර්මාණය කල දෙය නිසා ඔවුන් එය අමතක කරවී කියල. Birth pod එකක් ඇතුලේ සිටින ඔහුට ඇය Adam කියලා නම තියෙනවා. [Guardians of the Galaxy Vol.2]
Sokovia වල HYDRA Research Base එකේදී Scepter එක ඔවුන් සතු කරගෙන සිටින Hydra නායක Wolfgang von Strucker, සමග ඔවුන්ගේ පරීක්ෂණයට යොදා ගත් Pietro Maximoff සහ Wanda Maximoff දකින්න පුළුවන්. [Captain Aamerica: The Winter Soldier]
2015
2015 අප්‍රේල් 28 දින HYDRA සතුව පවතින scepter එක සොයා Avengers ලා, Sokovia හි පිහිටි HYDRA පරේෂණ මධ්‍යස්ථානයකට පහර දී scepter ඔවුන් සතු කර ගන්නවා. [Avengers: Age of Ultron]
Avengers Tower හිදී Tony Stark සහ Bruce Banner, scepter එක බලය භාවිතා කරමින් Ultron බිහිකිරීමට පරීක්ෂණයක් සිදු කරනවා. නමුත් මෙහිදී Ultron විසින්ම සක්‍රියනය වී J.A.R.V.I.S. විනාශ කර එහි පාලනයද Iron Legion තුලට ගොස් ශරීර නිර්මාණය කොට Avengers හට පහර දී, scepter එකද රැගෙන පලා යනවා. [Avengers: Age of Ultron]
Ultron පරීක්ෂණ ශරීරය හට නැවත තම වැඩසටහන ක්‍රියාත්මක කල හැකි බව සිතන Tony හා Bruce ඔවුන්ගේ පරීක්ෂණ නැවත ආරම්භ කරන අතර පසුව Thor විසින් අකුණු බලය උපයෝගී කරගෙන Ultron හට ජිවය ලබා දීමෙන් Vision නිර්මාණය වෙනවා. [Avengers: Age of Ultron]
Avengers, Vision, Pietro සහ Wanda, Sokovia වලදී පෘතුවිය විනාශ කිරීමට එරෙහිව Ultron රොබෝ හමුදාවට අතර සටනක් ඇති වෙනවා.මෙහිදී ඔවුන්ට Ultron ව විනාශ කිරීමට හැකි වෙන නමුත එහිදී Pietro මිය යන අතර Hulk සැම දෙනාගෙන් වෙන් වී යාමට තීරණය කරනවා. [Avengers: Age of Ultron]
2015 ජුලි 17 වන දින Scott Lang , San Quentin State Prison එකෙන් නිදහස් වෙන අතර Hope van Dyne සහ Pym සමාගමේ වර්තමාන අධ්‍යක්ෂ Darren Cross උත්සහ කරනවා Pym ගේ Ant-Man තාක්ෂනය Yellowjacket නමින් නැවත නිර්මාණය කිරීමට. [Ant Man]
Pym, Ant-Man තාක්ෂනය ඇති භයානක කම නිසා Yellowjacket ව්‍යාප්තියට අකැමති අයෙකි.මේ නිසා ඔහු එය නැවත්වීම සදහා Dyne ගේ ද උදව් ඇතිව Ant-Man නැවත බිහි කිරීමට උත්සහ කරන අතර ඔහුට අවශ්‍ය වන්නේ Lang ඒ සදහා යොදා ගනිමටයි. තම පත්ව සිටින තත්වයේ හමුවේ මෙය හොද අවස්ථාවක් බව සිතු Lang ඒ සදහා කැමති වෙනවා. Pym සහ Dyne එකතු වී Lang ව Ant-Man වීමට පුහුණු කරනවා. [Ant Man]
Cross ඔහුගේ Yellowjacket නිර්මාණය එළිදැක්වීමේදී Ant-Man ඔහුගේ යාලුවන්ගේද උදව් සමග එතනට පහර දීමට පටන් ගන්නවා. පසුව Cross විසින් Yellowjacket suit එක පලද Ant-Man සමග සටනටක් ඇති වන අතර එහිදී Yellowjacke මිය යනවා. සටනින් Quantum Realm එක තුලට යන Ant-Man නැවතත් පිටත ලෝකයට ඒමට හැකි වෙනවා. [Ant Man]
2015 ඔක්තෝම්බර් මස Zealots (Masters of the Mystic Arts වලින් වෙන් වුන පිරිසගෙන් එකතු වූ කණ්ඩායමක්) එනවා නේපාලයේ කත්මන්ඩු වල Kamar-Taj වලට. මේ කණ්ඩායමේ නායකයා වන්නේ Kaecilius. ඔවුන් ඝාතනය කරනවා ග්‍රන්ථ ශාලාව භාරව ඉන්න Masters of the Mystic Arts සාමජිකයෙකුව. පසුව Kaecilius විසින් Cagliostro පොතෙන් පිටු දෙකක් ඉරා ගන්නවා. මෙතනට එන Ancient One නිසා Kaecilius සහ ඔහුගේ කණ්ඩායම පැන යනවා ද්වාරයකින්. Ancient One සහ Zealots කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා . නමුත් Kaecilius ද්වාරයක් නිර්මාණය කර ඉන් සටනෙන් ඉතිරි ඉතුරු සාමාජිකයින් සමග පලා යනවා. [Doctor Strange]
2016
2016 පෙබරවාරි මස 3 වන දින Stephen Strange එහෙමත් නැතිනම් Doctor Strange කියන සුප්‍රසිද්ධ ශෛල්‍ය වෛද්‍යවරයා සුදානම් වෙනවා රාත්‍රී භෝජනයකට යාමට. Strange ට ලැබෙන scan රුපයක් පරික්ෂ කරන අතරතුරේ ඔහුගේ කර එක තවත් කර එකක ගැටී ප්‍රපාතයකට වැටි අනතුරකට පත් වෙනවා. Strange සුව වුනත් ඔහුගේ අත් දෙක සම්පුර්ණ සුව වෙලා නැ. ඔහුගේ දෑත් තවමත් වෙව්ලනවා ස්නායු අප්‍රාණික වෙලා. Strange වෛද්‍ය කණ්ඩායමක් රැස් කරලා සුව කර ගැනීමට උත්සහ කරනවා. නමුත් එය සාර්ථක වන්නේ නෑ. [Doctor Strange]
2016 මැයි 3 වන දින නයිජීරියාවේ ලාගොස් හිදී Steve Rogers, Natasha Romanoff, Sam Wilson සහ Wanda Maximof මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ Crossbones විසින් Institute for Infectious Diseases තුලින් bioweapon එකක් පැහැරගැනීමට උත්සහ කරන බව ලැබෙන තොරතුරක් මත. (මේ ගැන ඔවුන් දැන ගන්න විදිය තියෙන්නේ Captain America: Civil War Prelude Infinite Comic එකේ.) Steve සහ Crossbone අතර සටනකින් පස්සේ Crossbone බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරෙන්න ගියත් Wanda නිසා Steve බේරෙනවා. Crossbone මැරෙන්න කලින් කියන්නේ ඔහුව එව්වේ bucky කියලයි. ඒ බෝම්බය Wanda ගේ පාලනයෙන් ගිලිහි ගිහින් ගොඩනැගිල්ලක වැදීමෙන් පිපිරිලා යනවා. මේ සිදුවීමෙන් එහි සිටි මිනිසුන් කීපදෙනෙක් මිය යනවා. [Captain America: Civil War]
2016 මැයි 4 වන දින Christine දුන්න file එක (අංශභාග වී සුව වූ පුද්ගලයාගේ) ඇති විස්තර අනුව Strange ඔහුව හමු වී දැනගත් විස්තර අනුව Kamar-Taj හොයාගෙන නේපාලයේ කත්මන්ඩු නුවරට යනවා. [Doctor Strange]
ඇමෙරිකානු රාජ්ය ලේකම් Thaddeus Ross විසින් Sokovia Accords, Avengers හට ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ මත අනුව Avengers කණ්ඩායම් දෙකකට බෙදෙනවා. [Captain America: Civil War]
Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවේ ආරම්භ කරමින් Wakanda වල රජු වන T'Chaka නැතිනම් T'Challa ගේ පියා කතාව පවත්වාගෙන යන අතරතුර එතනට බෝම්බ ප්ර3හාරයක් එල්ල වෙනවා. මේ ප්රaහාරයෙන් Wakanda රජු T'Chaka මිය යනවා. මේ ප්‍රහාරය Winter Soldier විසින් සිදු කර ඇති බව ප්‍රචාරය වීමක් සමග Steve, Bucky සිටින ස්ථානය සොයා ගන්නවා. Steve කියන්නේ හමුදාව Bucky ව සොයාගෙන මග එනවා ඔහුට ඕනි Bucky ව එතනින් බේරාගෙන යාමට කියලා. හමුදාව එතනට කඩා වැදීමත් සමග ඔවුන්ට පහර දී Steve, Bucky එතනින් පැන යනවා. Bucky පැන යන අවස්ථාවේ එතනට කඩා පාත් වෙනවා Black Panther එහෙමත් නැත්නම් T'Challa. Bucky පලා යන්න උත්සහා කලත් අවසානයේ ඔහුව අත්අඩංගුවට ලක් වෙනවා. [Captain America: Civil War]
2016 ජුනි 24 Accords එකට පක්ෂ Iron Man කණ්ඩායම සහ Accords එකට විරුද්ධ Captain America කණ්ඩායම අතර ජර්මනියේ Schkeuditz ගුවන් තොටුපල හි සටනක් ඇති වෙනවා. මේ සදහා Spider-Man, Iron Man කණ්ඩායම හා සම්බන්ධ වෙනවා. [Captain America: Civil War]
Zemo අනවරණය කරනවා Tony ගේ මව සහ පිය Winter Soldiers විසින් ඝාතනය කර බව. Tony මෙතනදී දැන ගන්නවා Steve මේ ඝාතන පිළිබද දැනගෙන සිටි බව. පසුව Tony, Steve සහ Bucky අතර සටනක් ඇති වෙනවා. Steve තමා shield එක මගින් Tonyට පහර දී Arc Reactor ටද පහර දීල සටන නවත්වනවා. Buckyත් එක්කගෙන එතනින් පිටවෙද්දී Tony කියනවා ඔහු අතේ තියෙන shield එක Steve ට අයිති නැති බවත් එය Tonyගේ පියා නිර්මාණය කල බවත්. shield එක බිම දමා Steve එතනින් පිටත් වෙනවා. [Captain America: Civil War]
2016 ජුනි මස 25 වන දින Red Room සම්ජිකාවක් වන Yelena පෙර සිටි Black Widow කෙනකු වන Oksana මරාදමන අතර එහිදී Yelena, Red Dust එකක් මගින් Red Room පාලනයෙන් මිදී යනවා. මේ අතර Sokovia Accords උල්ලගනය කල Natasha, Thaddeus Ross ගෙන් Norway වලට පලා එනවා. එහිදී ඇයට Yelena විසින් එවන ලද Red Dust හමුවෙන අතර මේ Red Dust පසු පස එන Taskmaster හා Natasha අතර සටනක් ඇතිවී ඉන් Natasha, Red Dust රැගෙන පලා යනවා. [Black Widow]
Natasha සහ Yelena, Budapest හිදී නැවත හමුවෙනව. ඔවුන් එහිදී Black Widows කණ්ඩායමක් සහ Taskmaster අතර සටනක් ඇති වෙන නමුත් එහෙදිත් ඔවුන් පලා යනවා. [Black Widow]
Yelena, Red Dust බෝම්බයක් මගින් Black Widows සියලුදෙනාම Red Room control එකෙන් මුදවා ගන්නවා. Melina, Red Room engine එකට පහර දීම නිසා Red Room එක අක්‍රිය වී කඩා වැටීන අතර පලා යන Dreykov ව මරා දැමීමට Yelena හට හැකි වෙනව. Natasha සහ Taskmaster අතර සටනින් පසු Antonia ව Red Dust එක මගින් Red Room පාලනයෙන් ඉවත් කරගැනීමට Natasha හට හැකි වෙනවා. [Black Widow]
2016 ජුනි 29 දින T'Challa ව නැවත Wakanda වලට තම සිහසුන භාරගැනීමට යන අතරතුරේ මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ අනුව Balck Panther සමග ගෝත්‍රික හමුදව සටනක් ඇති වෙනවා. මේ සටනට Nakia සහ Okoye ගේ සහයට ලැබෙනවා. [Black Panther]
Wakanda වලට අවශ්‍ය වුනු Ulysses Klaue ව අල්ලාගැනීමට ඔවුන් සුදානම් වෙනවා. ඒවගේම Ulysses Klaue Wakanda වලින් Vibranium පහර ගැනීමේදී W'Kabi ගේ දෙමව්පියන් මිය ගිය බවත් දැන් ගන්න ලැබෙනවා. T'Challa පොරොන්දු වෙනවා W'Kabi ට Ulysses Klaueව Wakanda වලට රැගෙන එන බවට. ඒ අනුව බුසාන් වලදී කැසිනෝ එකකදී Ulysses Klaue අල්ලා ගැනීමට T'Challa ඇතුළු කණඩායමට හැකි වුනත් Erik Killmonger කණ්ඩායම පැමිණ Klaue ව රැගෙන යනවා. [Black Panther]
Killmonger ආරම්භ කරන ආයුධ ප්‍රවාහනය කිරීමට New York City, London සහ Hong Kong වලට. ප්‍රවාහන කරන යානාවක් විනශ කරමින් එතනට එන T'Challa නොහොත් Black Panther, Killmongerට නවතත් අභියෝග කර සටනකින් පසු Killmonger මිය යනවා. [Black Panther]
2016 සැප්තැම්බර් 20 දින Davis ලැබෙන තොරතුරකට අනුව Spidey, Adrian කණ්ඩායමේ අවි වෙලදාම් ගනුදෙනුවක් නතර කිරීමට උත්සහ කලත් එය අසාර්ථක වුන නමුත් Iron Man ගෙ සහයෙන් විනාශවීමට ගිය cruse එක මගින් සමග බේරා ගන්නවා. [Spider Man: Homecoming]
Avenger Tower එකෙන් ගෙන යන බඩු රැගත් ගුවන් යානය පහර ගැනීමට උත්සහ කරන Vulture ව නතර කිරීමට Peter සමත් වෙනවා. [Spider Man: Homecoming]
2017
Kamar-Taj හි පුහුණුව ලැබූ Strange, Eye of Agamotto භාවිත කරමින් කාලය හසරවීමට හැකි වෙනවා. London Sanctum වල දොරටුව විවෘත වී Kaecilius පහර දීමට පටන් ගන්නවා. පහර දීමෙන් Strange, New York Sanctum තුලට විසි වෙනවා. New York Sanctum තුලට එන Kaecilius එහි ආරක්ෂකයව ඝාතනය කරනවා. පසුව Strange සමග සටනක් ඇති වෙන අතර එහිදී Kaecilius පැන යනවා. මෙහිදී Cloak of Levitation සතු කරගැනීමට strange හට හැකි වෙනවා. [Doctor Strange]
2017 ජනවාරි 17 දින Hong Kong වලට එන Kaecilius හා කණ්ඩායම Hong Kong Sanctum ආක්‍රමණය කරන්න සුදානම් වෙනවා. ඒවගේම Wong සහ Sanctum වල පිරිස Kaecilius ට එරෙහිව සටන් කිරීමට සුදානම් වන අතර Dark Dimension එක මගින් ආක්‍රමණය කිරීමට Dormammu සුදානම් වෙනවා. Mordo නැවතත් Kaecilius සමග සටන් කරන්න පටන් ගද්දි Strange, Dark Dimension තුලට ගොස් Dormammu time loop එකක සිරකර Dormammu ව සහ Kaecilius නතර කිරීමට හැකි වෙනවා. [Doctor Strange]
2017 නොවැම්බර මස දිනක Thor හට Doctor Strange හමු වෙනවා. Doctor Strange අහනවා පෘතුවියට තර්ජනයක් වන Loki නැවත රැගෙන අවේ ඇයි කියලා. තම පියා සොයා ආව බව පවසන Thor පසුව නැවත Asgard වලට යන බව පොරොන්දු වෙනවා. ඒ අනුව Doctor Strange කැමති වෙනවා Thor ට උදව් කිරීමට. Norway වලට එන Thor සහ Loki ට Odin ව හමු වෙනවා. Odin කියනවා තමාගේ පළමු දියණිය වන Hela ගැන. Asgard හි බල තණ්හාව නිසා තමා විසින් Hela සිර කර ති බවත් Hela ගේ බලය Asgard වලදී වැඩි වන බවත් පවසනවා. [Thor Ragnarok]
තම ජිවිත කාලය නිමා කරන Odin ගේ ආත්මය ඉවත් ව යාමත් සමග Odin සිර කර සිටි Hela නිදහස් වී එතනට පමිනිනවා. Thor, Mjølnir එක Hela ට විසි කිරීමෙන් පස්සේ Hela අල්ලාගෙන එය විනාශ කරනවා. ඔවුන් Asgard වලට පලා යන අතර තුරදී Hela සමග සටනකින් Loki සහ Thor bifrost තුලින් එලිට විසි වෙනවා. [Thor Ragnarok]
Sakaar ග්‍රහලෝක්යට වටෙන් Thor Contest of Champions වලදී Hulk සමග සටන් කිරීමට සිදු වෙනවා. Contest of Champions තරගයේ පස්සේ Thor හා Hulk හමුවනවා. පසුව Thor, Hulk පැමිණි Quinjet එක ක්‍රියා කිරීමට යාමේදී Hulk, Bruce ලෙස පරිණාමනය වන අතර ඔවුන්ට එම ග්‍රහලෝක්යෙන් පැන යාමට හැකි වෙනවා. [Thor Ragnarok]
Asgard Palace එකට එන Hela දකිනවා සිංහාසනය වැඩි වී සිටින Thor ව . Hela සහ Thor අතර සටනක් ඇති වෙනවා. Hela සහ Thor අතර සටනදී Hela ගේ පහරකින් Thor ගේ දකුණු ඇස අහිමි වෙනවා. අවසානයේදී අකුණු බලය හිමි කරගැනීමට සමත්වෙන Thor, Hela සහ හමුදාවට පහර දීමට හැකිවෙනවා. මෙතනට නැවතත් එන Hela හට පරාජය කිරීමට නම් Asgard විනාශ කල යුතු බව Thor තේරුම් ගන්නවා. මොකද ඇයට Asgard වලදී බලය වැඩි වන නිසා. Thor ලෝකිව යවනවා Odin's Vault එකට Surtur නැවත බිහි කිරීමට.(Surtur ගේ තියන අරමුණ Asgard විනාශ කිරීම නිසා). Loki, Crown of Surtur එක රැගෙන යාමේදී දකිනවා Tesseract එක එහෙමත් නැතිනම් Space Stone එක. Loki, Crown of Surtur එක Eternal Flame එකට දමා Surtur ව නැවත බිහි කරනවා. Surtur ව නතර කිරීමට Hela උත්සහ කලත් Surtur ගේ පහරින් Hela විනාශ වී යනවා. එත් සමග Asgard දේශය සහමුලින්ම විනශ වී යනවා. [Thor Ragnarok]
2018
2018 මාර්තු 14 දින alternate universe (Earth-10005) එකකින් පැමිණි Wade Wilson උත්සහ කරනවා Avengers කණ්ඩායම හා සමබන්ධ වීමට. නමුත් මේ සදහා ඔහුට ප්‍රමාණවත් හේතුවක් නොමැති නිසා Happy විසින් හුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. [Deadpool & Wolverine]
2018 මැයි 28 වන දින Hank තීරණය කරනවා Quantum Realm එක තුලට ගොස් Janet සොයා යාමට. එ වගේම Ant-Man සහ Wasp තීරණය කරනවා Ghost ව සහ Sonny ඇතුළු කණ්ඩායම නැවත්වීමට, ඔවුන්ගේ සහයට Luis ද එකතු වෙනවා. [Ant Man and the Wasp]
Ant-Man සහ Wasp සටනකින් Ghost ව සටනකින් නැවත්වීමට හැකි වෙන අතර Hank, Janet සමග Quantum Realm එකෙන් නැවත ඒමට හැකි වෙනවා. පසුව Janet හැකි වෙනවා Ghost ව සුව කිරීමට. [Ant Man and the Wasp]
Sanctuary යානයෙන් Asgardian Ship එකට ප්‍රහාර එල්ල කර Asgardian කිපදෙනුකු මරා දමනවා. පහර කෑමට ලක් වුණ Thor වත් රැගෙන Thanos කියනවා Loki ට තම සහෝදරයාගේ ජීවිතය වෙනුවෙන් Tesseract එක ලබා දෙන ලෙස. Thanos අතට Tesseract එක ලබා දීමට පෙර එතනට එන Hulk, Thanos මග සටනක් ඇති වෙනවා. පහසුවෙන්ම Hulk ව පරාජය කරන්න Thanos ට හැකි වෙනවා. තම අවසන් ශක්තියෙන් Bifrost බලයෙන් Hulk ව පෘථිවියට යැවීමට සමත් වෙන Heimdall මේ හේතුවෙන් Thanos, Heimdall මරා දමනවා. පෘතුවියේ තියන stones දෙක රැගෙන ඒමට Black Order කණ්ඩායම පිටත් කිරීමට සුදානම් වන Thanos හට Loki කියනවා පෘතුවියට පහර දීමට තමාට පළපුරුද්දක් ඇති බැවින් තමාවත් යවන ලෙස. මේ කතාවෙන් මග යවා Loki Thanos ට පහර දීමට සුදානම් වෙනවා. Space Stone එක මගින් එය වැලක්වීමට සමත් වෙන Thanos, Loki ව මරා දම Power Stone එකෙන් යානාව මුළුමනින්ම විනාශ කරමින් Space Stone පාවිච්චි කරමින් Thanos සහ Black Order කණ්ඩායම එතනින් පිටත් ව යනවා. [Avengers: Infinity War]
2018 මැයි 30 දින Cull Obsidian සහ Iron Man අතර සටනක් ඇති වෙන අතර Strange, Wong සහ Ebony Maw අතර සටනක් ඇති වෙනවා. Cull Obsidian සහ Iron Man සටන අතරට Spider Man පැමිණෙනවා. Ebony Maw, Strange ගේ Eye of Agamotto ගලවා ගැනීමට උත්සහ කරත් එය සාර්ථක වෙන්නේ නෑ. Strange කියන්නේ මන්තරය කඩන්නේ නැතුව stone එක ගැනීමට නොහැකි බවයි. Ebony Maw, Strange රැගෙන යාමට සුදානම් වෙනවා. Iron Man, Spidey ට කියනවා Strange ව අල්ලා ගන්න කියලා. එත් Ebony Maw, Strange සහ Spidey සමගම යානාවට යනවා. Cull Obsidian ව ද්වාරයකින් වෙනත් ස්ථානයකට යැවීමට Wong ට හැකි වෙන අතර Iron Man පිටත් වෙනවා Q-Ship එකට යාමට. ඉහලට යන Q-Ship එක තුලට Strange ව Ebony Maw ඇතුලත් කර ගන්න අතර Q-Ship එක පිටත ඉන්න Spidey ට ඉහල වායුගෝලයේ ඔක්සිජන් නොමැති වීම නිසා ඇදගෙන වැටෙනවා. Iron Man විසින් New Avengers Facility වලින් මුදා හරින Armor එකක් Spidey ට සවි වෙනවා. Iron Man විසින් Spidey ව නැවත පෘතුවියට යැව්වත් යානාව මත රැදීමට Spidey සමත් වෙනවා. Q-Ship යානය අභ්‍යවකාශයට ගමන් කරනවා. මේ අතර Tony අතින් වැටුණු phone එක රැගෙන banner, Steve ට ඇමතුමක් ගන්නවා. [Avengers: Infinity War]
Space එකේදී hole එක හරහා යන Guardians ලා දකිනවා විනාශ වුණ Asgard spaceship එක. ඔවුන්ට එහිදී Thor ව හමු වෙනවා. Thor ව අවධි කරන Mantis, Thor කියනවා Guardians ලට Thanos ගැන. Gamora පැහැදිලි කරනවා Thanos හට Infinity Stones හයම ලැබුනොත් එක finger snap එකකින් විශ්වයේ භාගයක්ම විනාශ කල හැකි බව. Thanos පරාජය කරන්න ආයුධයක් අවශ්‍ය කියන Thor ඒ සදහා Rocket සහ Groot සමග Benatar හි Space Pod එකකින් Nidavellir වලට පිටත් වෙන අතර Peter Quill, Gamora, Drax සහ Mantis Reality Stone එක ලබා ගැනීමට Knowhere වලට පිටත් වෙනවා. [Avengers: Infinity War]
Avengers වෙන් වීමෙන් පසු Vision සහ Wanda Maximoff, Scotland වල ජිවත් වෙනවා අලුත් ජිවිතයක් ආරම්භ කරමින්. මොවුන් වීදියේ යනකොට දකිනවා නිව් යෝක් නගරයේ වුණ විපත ගැන පුවතක්. Vision ඔවුන්ගේ උදව්වට යාමට සුදානම් වෙනවත් සමග Proxima Midnight සහ Corvus Glaive පහර දෙන්න පටන් ගන්නවා. Vision ගේ Mind Stone එක ගැලවීමට උතසහ කරන ඔවුන් Wanda සමග සටනක් ඇති වෙනවා. මෙතනට උදව්ව්ට එන Steve Rogers, Black Widow, Falcon නිසා Proxima Midnight සහ Corvus Glaive එතනින් Q-Ship එකෙන් පලා යනවා. තුවාල වුනු Vision සහ Wanda, New Avengers Facility වෙත රැගෙන යාමට Steve තීරණය කරනවා. [Avengers: Infinity War]
Titan වලදී Iron Man, Spider-Man, Star-Lord, Drax සහ Mantis Thanos හට පහර දෙන්න සැලසුමක් සාකච්චා කරනවා. Time Stone එක යොදා ගෙන Strange දකිනවා අනාගතය විකල්ප විදි 14,000.605 ක්. එ වගේම Strange කියනවා ඉන් එකම එක අවස්ථාවක් පමණයි ඔවුන් ජය ගන්නේ කියලා. Thanos, Vormir වලට පැමිණෙනවා Gamora සමග. එහිදී අපිට දකින්න පුළුවන් වෙනවා Red Skull ව. Red Skull කියනවා Soul stone එක ලබා ගැනීමටනම් තමන් වඩාත්ම ආදරය කරන කෙනාගේ ජීවිතය බිලි දෙන්න සිදු වෙන බව. එ අනුව Thanos තම දියණිය Gamora ව Soul stone එක වෙනුවෙන් බිලි දී stone එක ලබා ගන්නවා. [Avengers: Infinity War]
2018 මැයි 31 දින Wakanda වලට පැමිණෙන Steve ගේ කණ්ඩායම T'Challa විසින් පිලිගන්නවා. සම්පුර්නයෙන්ම සුව වූ Bucky සහ Steve මෙතනදී හමු වෙනවා. Mind Stone එක නිරීක්ෂණය කරන Shuri කියන්නේ එය Vision ගේ සිරුරෙන් ඉවත් කල හැකි බවත් නමුත් එයට යාම කාලයක් ගත වෙන බව. Q-Ship යානාවෙන් එන විශාල යානාවක් Wakanda වලට ඇතුළු වීමට යාමේදී Wakanda dome එකේ වැඩි විනාශ වී යනවා. ඉන් අනෙක් යානා dome එකෙන් පිටට පතිත වෙනවා. T'Challa සුදානම් වෙනවා සටන් කිරීමට. එ වගේම Steve හට නව shield එකක් හිමි වෙනවා. Steve, Wanda හට කියා සිටිනවා stone එක ගලවූ විගස විනාශ ක දමන ලෙස. Wakandain සියලු දෙන සුදානම් වෙනවා සටන සදහා එ වගේම අපිට දකින්න පුළුවන් Bruce ව Hulkbuster එක තුල. Proxima Midnight සහ Cull Obsidian පැමිණ පවසන්නේ Stone එක ලබගන්නකම් මැරෙනා තුරු සටන් කරනවා කියා. යානා වලින් පිටට පැමිණෙන Outriders ලා dome එක හරහා එන්න පටන් ගන්නවා. එ සමගම ඔවුන් අතර සටන ඇති වෙනවා. [Avengers: Infinity War]
මිය ගිය තරුව ක්‍රියාත්මක කර Thor සමත් වෙනවා එය නැවත යතා තත්වයට පත් කරන්න. එ සමගම Eitri, Stormbreaker නිර්මාණය කරනවා. Groot විසින් එය සම්පුර්න කිරීමත් සමග Stormbreaker හි බලය ක්‍රියාත්මක වෙනවා. බාධකයක මගින් විශාල වශයෙන් එන Outriders සමග Wakandain සහ Avengers ල සටන් කරත් Outriders ප්‍රහාර ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ අවස්ථාවේදීම Bifrost එක මගින් Stormbreaker එක සමග මෙතනට එන Thor ප්‍රහාර එල්ල කරන Outridersල මර්ධනය කරන්න සමත් වෙනවා. [Avengers: Infinity War]
Titan වලට එන Thanos දකිනවා විනාශ වුන Q-Ship එක. Strange හට Thanos කියනවා තමන්ගේ ඉලක්කය ගැන. Thanos සහ Titan වල සිටින Avengers, Guardians අතර සටනක් ඇති වෙනවා. මේ සටන සදහා Nebula ද එකතු වෙනවා. සියලු දෙනාගේ එකතුවෙන් Thanos ගේ Infinity Gauntlet එක ඉවත් කිරීමට සුදානම් වෙනවා. නමුත් Thanos විසින් Gamora මරා දැමු බව දන ගත් පසු Quill අවේගශීලි වන නිසා ඔවුන්ට එය සම්පුර්ණ කිරීමට හැකි වෙන්නේ නෑ. Thanos දන ගන්නවා Strange Time Stone එක පාවිච්චි නොකර සටන් කරන බව. මෙතනට එන Iron Man සහ Thanos අතරත් සටනක් ඇති වෙනවා. මේ සටනින් Thanos Iron Man මරා දැමීමට සුදානම් වුනත් Strange ඔහුගේ ජීවිතය වෙනුවෙන් Time Stone එක ලබා දෙනවා. Stone එක ලබා ගත් Thanos අවසාන stone එක වෙනුවෙන් පෘතුවියට පිටත් ව යනවා. [Avengers: Infinity War]
Mind Stone එක වෙනුවෙන් පෘතුවියට එන Thanos Avengers ල සියල්ල මර්ධනය කර Vision වෙත පැමිණියත් ඊට පෙර Wanada විසින් Vision සමගම Stone එක විනාශ කර දමනවා. Thanos Time Stone එක භාවිත කරමින් කාලය ආපස්සට හරවා Vision ගෙන් Mind stone එක ලබා ගන්නවා. [Avengers: Infinity War]
Stones හයම Infinity Gauntlet එකට යොදා ගත් Thanos හට Thor ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් Thanos විසින් මේ අවස්ථාවේදී Infinity Gauntlet මගින් finger snap එක සිදු කරනවා. [Avengers: Infinity War]
Snap එකෙන් පසු Bucky, Wakanda හමුදාවෙන් භාගයක්, T'Challa, Groot, Scarlet Witch සහ Sam Wilson reality එකෙන් erase වී යනවා. එ වගේම Titan වලදී Mantis, Drax, Star-Lord, Doctor Strange සහ Spidey erase වී යනවා. [Avengers: Infinity War]
Ant-Man සුදානම් වෙනවා tunnel එක ඔස්සේ Quantum Realm තුලට ගොස් Ghost ව සම්පුර්න සුව කිරීමට Quantum අංශු රැගෙන ඒමට. Ant-Man Quantum Realm එක තුලදී ඔවුන්ගේ සම්බන්ධය විසන්ධි වී Hank, Janet සහ Dyne අළු බවට පත් වෙන්නේ Ant-Man Quantum Realm තුල සිර වෙද්දී. [Ant Man and the Wasp]
Home arrest එකේ ඉන්න Clint Barton ඔහුගේ දුවට archery train එකක් ලබා දෙන අතර වාරයේදී මුළු Clint ගේ පවුලම Thanos ගේ snap එකට එහෙමත් නැතිනම් Decimation එකට හසු වෙනවා. [Avengers: Endgame]
Nick Fury සහ Maria Hill, Wakanda සටන ගැන කතා කර යන විට දකිනවා මිනිසුන් erase වී යනවා. එ වගේම Maria ත්. සිදුවන දේ තේරුම් ගත්ත Fury දිව ඇවිත් pager එකින් පණිවිඩයක් යවනවත් සමග Furyත් snap වී යනවා. [Avengers: Infinity War]
2018 ජුනි 21 දින New Avengers Facility වෙත Fury සොයා එන Captain Marvel හට එහිදී Avengers ලා හමු වෙනවා. [Captain Marvel]
Thanos සිටින ස්ථානය සොයා ගන්නා Avengers ලා සුදානම් වෙනවා Thanos සොයා යාමට. ඒ අනුව Tony හැර අනෙක් සියලු දෙනා අලුත් වැඩියා කල Benatar එකෙන් Thanos සිටින ග්‍රහලෝකය වෙත ගොස් තනොස් ට පහර දී තනොස් ගේ අත ගලවා දැමුවත් Infinity Gauntlet එකෙහි Stones නොමැති බව තේරුම් ගන්නවා.Thanos පවසනවා තමා Stones මගින් ඉල්ලක්කය සම්පුර්ණ කරගත් පසු එය විනශ කර දැමු බව. පසුව Stormbreaker එක මගින් Thor පහරක් එල්ල කර Thanos ව මරා දමනවා. [Avengers: Endgame]