FEB

Stephen Strange එහෙමත් නැතිනම් Doctor Strange කියන සුප්‍රසිද්ධ ශෛල්‍ය වෛද්‍යවරයා සුදානම් වෙනවා රාත්‍රී භෝජනයකට යාමට. Strange ට ලැබෙන scan රුපයක් පරික්ෂ කරන අතරතුරේ ඔහුගේ කර එක තවත් කර එකක ගැටී ප්‍රපාතයකට වැටි අනතුරකට පත් වෙනවා. Strange සුව වුනත් ඔහුගේ අත් දෙක සම්පුර්ණ සුව වෙලා නැ. ඔහුගේ දෑත් තවමත් වෙව්ලනවා ස්නායු අප්‍රාණික වෙලා. Strange වෛද්‍ය කණ්ඩායමක් රැස් කරලා සුව කර ගැනීමට උත්සහ කරනවා. නමුත් එය සාර්ථක වන්නේ නෑ. [Doctor Strange]

MAY

නයිජීරියාවේ ලාගොස් හිදී Steve Rogers, Natasha Romanoff, Sam Wilson සහ Wanda Maximof මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ Crossbones විසින් Institute for Infectious Diseases තුලින් bioweapon එකක් පැහැරගැනීමට උත්සහ කරන බව ලැබෙන තොරතුරක් මත. (මේ ගැන ඔවුන් දැන ගන්න විදිය තියෙන්නේ Captain America: Civil War Prelude Infinite Comic එකේ.) Steve සහ Crossbone අතර සටනකින් පස්සේ Crossbone බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරෙන්න ගියත් Wanda නිසා Steve බේරෙනවා. Crossbone මැරෙන්න කලින් කියන්නේ ඔහුව එව්වේ bucky කියලයි. ඒ බෝම්බය Wanda ගේ පාලනයෙන් ගිලිහි ගිහින් ගොඩනැගිල්ලක වැදීමෙන් පිපිරිලා යනවා. මේ සිදුවීමෙන් එහි සිටි මිනිසුන් කීපදෙනෙක් මිය යනවා. [Captain America: Civil War]

Christine දුන්න file එක (අංශභාග වී සුව වූ පුද්ගලයාගේ) ඇති විස්තර අනුව Strange ඔහුව හමු වී දැනගත් විස්තර අනුව Kamar-Taj හොයාගෙන නේපාලයේ කත්මන්ඩු නුවරට යනවා. [Doctor Strange]

JUN

ඇමෙරිකානු රාජ්ය ලේකම් Thaddeus Ross විසින් Sokovia Accords, Avengers හට ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ මත අනුව Avengers කණ්ඩායම් දෙකකට බෙදෙනවා. [Captain America: Civil War]

Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවේ ආරම්භ කරමින් Wakanda වල රජු වන T'Chaka නැතිනම් T'Challa ගේ පියා කතාව පවත්වාගෙන යන අතරතුර එතනට බෝම්බ ප්ර3හාරයක් එල්ල වෙනවා. මේ ප්රaහාරයෙන් Wakanda රජු T'Chaka මිය යනවා. මේ ප්‍රහාරය Winter Soldier විසින් සිදු කර ඇති බව ප්‍රචාරය වීමක් සමග Steve, Bucky සිටින ස්ථානය සොයා ගන්නවා. Steve කියන්නේ හමුදාව Bucky ව සොයාගෙන මග එනවා ඔහුට ඕනි Bucky ව එතනින් බේරාගෙන යාමට කියලා. හමුදාව එතනට කඩා වැදීමත් සමග ඔවුන්ට පහර දී Steve, Bucky එතනින් පැන යනවා. Bucky පැන යන අවස්ථාවේ එතනට කඩා පාත් වෙනවා Black Panther එහෙමත් නැත්නම් T'Challa. Bucky පලා යන්න උත්සහා කලත් අවසානයේ ඔහුව අත්අඩංගුවට ලක් වෙනවා. [Captain America: Civil War]

Accords එකට පක්ෂ Iron Man කණ්ඩායම සහ Accords එකට විරුද්ධ Captain America කණ්ඩායම අතර ජර්මනියේ Schkeuditz ගුවන් තොටුපල හි සටනක් ඇති වෙනවා. මේ සදහා Spider-Man, Iron Man කණ්ඩායම හා සම්බන්ධ වෙනවා. [Captain America: Civil War]

Zemo අනවරණය කරනවා Tony ගේ මව සහ පිය Winter Soldiers විසින් ඝාතනය කර බව. Tony මෙතනදී දැන ගන්නවා Steve මේ ඝාතන පිළිබද දැනගෙන සිටි බව. පසුව Tony, Steve සහ Bucky අතර සටනක් ඇති වෙනවා. Steve තමා shield එක මගින් Tonyට පහර දී Arc Reactor ටද පහර දීල සටන නවත්වනවා. Buckyත් එක්කගෙන එතනින් පිටවෙද්දී Tony කියනවා ඔහු අතේ තියෙන shield එක Steve ට අයිති නැති බවත් එය Tonyගේ පියා නිර්මාණය කල බවත්. shield එක බිම දමා Steve එතනින් පිටත් වෙනවා. [Captain America: Civil War]

Red Room සම්ජිකාවක් වන Yelena පෙර සිටි Black Widow කෙනකු වන Oksana මරාදමන අතර එහිදී Yelena, Red Dust එකක් මගින් Red Room පාලනයෙන් මිදී යනවා. මේ අතර Sokovia Accords උල්ලගනය කල Natasha, Thaddeus Ross ගෙන් Norway වලට පලා එනවා. එහිදී ඇයට Yelena විසින් එවන ලද Red Dust හමුවෙන අතර මේ Red Dust පසු පස එන Taskmaster හා Natasha අතර සටනක් ඇතිවී ඉන් Natasha, Red Dust රැගෙන පලා යනවා. [Black Widow]

Natasha සහ Yelena, Budapest හිදී නැවත හමුවෙනව. ඔවුන් එහිදී Black Widows කණ්ඩායමක් සහ Taskmaster අතර සටනක් ඇති වෙන නමුත් එහෙදිත් ඔවුන් පලා යනවා. [Black Widow]

Yelena, Red Dust බෝම්බයක් මගින් Black Widows සියලුදෙනාම Red Room control එකෙන් මුදවා ගන්නවා. Melina, Red Room engine එකට පහර දීම නිසා Red Room එක අක්‍රිය වී කඩා වැටීන අතර පලා යන Dreykov ව මරා දැමීමට Yelena හට හැකි වෙනව. Natasha සහ Taskmaster අතර සටනින් පසු Antonia ව Red Dust එක මගින් Red Room පාලනයෙන් ඉවත් කරගැනීමට Natasha හට හැකි වෙනවා. [Black Widow]

T'Challa ව නැවත Wakanda වලට තම සිහසුන භාරගැනීමට යන අතරතුරේ මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ අනුව Balck Panther සමග ගෝත්‍රික හමුදව සටනක් ඇති වෙනවා. මේ සටනට Nakia සහ Okoye ගේ සහයට ලැබෙනවා. [Black Panther]

JUL

Wakanda වලට අවශ්‍ය වුනු Ulysses Klaue ව අල්ලාගැනීමට ඔවුන් සුදානම් වෙනවා. ඒවගේම Ulysses Klaue Wakanda වලින් Vibranium පහර ගැනීමේදී W'Kabi ගේ දෙමව්පියන් මිය ගිය බවත් දැන් ගන්න ලැබෙනවා. T'Challa පොරොන්දු වෙනවා W'Kabi ට Ulysses Klaueව Wakanda වලට රැගෙන එන බවට. ඒ අනුව බුසාන් වලදී කැසිනෝ එකකදී Ulysses Klaue අල්ලා ගැනීමට T'Challa ඇතුළු කණඩායමට හැකි වුනත් Erik Killmonger කණ්ඩායම පැමිණ Klaue ව රැගෙන යනවා. [Black Panther]

Killmonger ආරම්භ කරන ආයුධ ප්‍රවාහනය කිරීමට New York City, London සහ Hong Kong වලට. ප්‍රවාහන කරන යානාවක් විනශ කරමින් එතනට එන T'Challa නොහොත් Black Panther, Killmongerට නවතත් අභියෝග කර සටනකින් පසු Killmonger මිය යනවා. [Black Panther]

SEP

Davis ලැබෙන තොරතුරකට අනුව Spidey, Adrian කණ්ඩායමේ අවි වෙලදාම් ගනුදෙනුවක් නතර කිරීමට උත්සහ කලත් එය අසාර්ථක වුන නමුත් Iron Man ගෙ සහයෙන් විනාශවීමට ගිය cruse එක මගින් සමග බේරා ගන්නවා. [Spider Man: Homecoming]

Avenger Tower එකෙන් ගෙන යන බඩු රැගත් ගුවන් යානය පහර ගැනීමට උත්සහ කරන Vulture ව නතර කිරීමට Peter සමත් වෙනවා. [Spider Man: Homecoming]