2005

2005 පෙබරවාරි මස සිදු කල Bio-Tech Force Enhancement Project එක අසාර්ථක වීමත් සමග Bruce Banner Hulk ට පරිණාමනය වනවා. පසුව Bruce Banner නිදහසේ රහසිගතව Brazil හි Rocinha වල ජිවත් වීමට තීරණය කරනවා. [The Incredible Hulk]

2008

2008 පෙබරවාරි මස 11 වන දින Stark Industries වල CEO Tony Stark ඔහුගේ මිතුරෙකු වන James Rhodes සමග Stark Industries හි නවතම මිසයිලයක් ප්‍රදර්ශනය කරන්න පැමිණෙනවා Afghanistan වලට. එහිදී Tony තර්ස්තවාදී කණ්ඩායමක් වන Ten Rings ත්‍රස්තවාදීන්ට හසු වෙනවා. [Iron Man]

Tony ව හිර කිරීමෙන් පසු එහිදී ඔහුට Dr. Ho Yinsen හමු වෙනවා. ඔවුන් දෙදෙනා එකතුව Arc Reactor එකක් නිර්මාණය කිරීමට හැකි වෙනවා අතර මෙහි බලය උපයෝගී කරගෙන armored suit එකක්ද නිර්මාණය කර ත්‍රස්තවාදීන්ට පහර දී ත්‍රස්ත ගහනයෙන් පලා ඒමට Tony ට හැකි වුනත් Dr. Ho Yinsen එහෙදි ත්‍රස්තවාදීන් අතින් මරණයට පත් වෙනවා. [Iron Man]

Tony තම Stark Industries හි අවි ත්‍රස්තවදීන් අතට පත් වන නිසා අවි නිපදවීම නතර කරන බව පවසනවා. Stark Industries හි සහකරුවෙකු වන Obadiah Stane මේ තීරණයට අප්‍රසාදය පල කරනවා. මේ අතර Tony තීරණය කරනවා Iron Man Armor එකක් නිර්මාණය කර Afghanistan ට පැමිණෙන Stark Industries ගිනි අවි සියල්ල එල්ල කර ත්‍රස්තවාදීන්ට පහර දෙනවා. [Iron Man]

තම Arc Reactor නිර්මාණය අසාර්ථක වීම සහ Tony, Stark Industries හි ගිනි අවි නිපදවීම නතර කරීම හෙතුවෙන් Obadiah, Tony ගේ Arc Reactor එක පැහැර ගෙන Iron Monger නිර්මාණය කරනවා. මේ හේතුවෙන් Iron Man සහ Iron Monger අතර සටනක් ඇති වෙන අතර එහිදී Iron Monger මිය යනවා. [Iron Man]

මාධ්‍යවේදී සාකච්චාවකදී Tony තමා Iron Man බව ලොවට හෙළි කිරීමත් සමග Nick Fury පැමිණෙනවා Stark ගේ Mansion ඔහුගේ Avengers Initiative ගැන සාකච්චා කිරීමට. [Iron Man]